ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව AI Impact 2026 සමුළුව සඳහා සහභාගිවීමට නවදිල්ලි නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරය සාර්ථකව නිම කර ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.
කෘතීම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව ලෝක නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ තාක්ෂණ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වුණු අතර ජනාධිපතිවරයා පසුගිය 19 වනදා ඊට සහභාගී වුණා.
එදින පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි නායක සැසිය ඇමතූ අතර, මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් හා හැකියාවන් ප්‍රවර්ධනයට AI තාක්ෂණය ඉවහල් කරගත යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම, සමුළුව අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වුණා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක්ද ඊයේ දිනයේ පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.




