Published
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණා.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ නොකල යුතු බවයි එම සංගමයේ ස්ථාවරය වී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනකෙටුම්පත, මේ වනවිට ගැසට් කර ඇති පසුබිමක් තුලයි.




