Published
ජනතාව අතර වෛරය පතුරවන ප්‍රකාශ සිදු කර දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා මෙම අදහස් පල කළා.
යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා එක්වුණා. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ කිසිදු ස්ථානයක කිසිදු ආකාරයක ජාතිවාදයට යළි නැගිටීමට වත්මන් රජය ඉඩ ලබා නොදෙන බවයි. එමෙන්ම පොහෝ දිනයන්වලදී ඇතැමුන් පෙහෙවස් සමාදන් වීම සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර යාපනයට පැමිණෙන බවත් එයින් පෙන්නුම් කරන්නේ සීලය නොව වෛරය බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.




