Published
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණියා.
ඒ, ශ්‍රී දළදා සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබාගැනීම සදහායි.
දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් පිටව යන අවස්ථාවේදී දළදා සමිදුන් වැදපුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන් සමගද ජනාධිපතිවරයා කෙටි පිළිසදරක නිරත වී තිබෙනවා.


