Published
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයේ කේබල් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ආයතනයේ රුපියල් ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් කේබල් සොරකම් කර ඇති බවට චාවකච්චේරිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් පුද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස එම ආයතනයේම සේවය කරන පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.
සොරකම් කළ එම කේබල් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් නීර්වේලි හා කොටගල ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




