2030 වර්ෂය වනවිට මෙරට මිනිසුන් ජල භීතිකා රෝගයෙන් මිය නොයන තත්ත්වයකට පත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ 2025 වසරේදී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14 දෙනෙකු පමණක් මරණයට පත්ව ඇති බවයි.
එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ අඩුවෙන්ම මානව මරණ වාර්තා වූ වසර බවද ඔහු කියා සිටියා.
ජල භීතිකා රෝගය, ක්ෂීරපායි සතුන්ගෙන් වෛයිරසයක් මගින් බෝවන රෝගයක්. එය සියයට සියයක් මාරාන්තික රෝගයක් බව ද විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පවසනවා.
මෙම රෝගයෙන් ජිවිත ගලවා ගන්නේ ලෝකයේ ඉතාම අවම පිරිසක් බවද ඔහු සදහන් කළා.
මෙම රෝගය හේතුවෙන් වැඩි වශයෙන් මරණයට ලක් වී ඇත්තේ තරුණ පිරිස්.
කුඩා ළමුන්ද මෙම රෝගය හේතුවෙන් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පවසනවා.
කෙසේ වෙතත් මෙම රෝගය සඳහා නිසි වෙලාවට නිසි ක්‍රියාමාර්ග ගතහොත් මෙය මුළුමනින්ම වළක්වා ගැනීමට හැකි බවයි ඔහු පැවසුවේ.
සුනඛයන් හා බළලුන් සපා කෑම, සීරීම්, සතුන්ගේ කේටය රැදී තිබීම නිසා මෙන්ම සම මත ඇති තුවාල සතුන් ලෙව කෑම හේතුවෙන් මෙම රෝගය හට ගැනීම සිදුවනවා.
සතෙක් සපා කෑමෙන් පසු ගලා යන ජලයෙන් මිනිත්තු 15ක් සේදීම සහ සර්ජිකල් යොදා සේදීම, නිසි පරිදි එන්නත් ලබා ගැනීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.




