ජාත්‍යන්තර මව් භාෂා දිනය අදට යෙදී තිබෙනවා.
භාෂාමය හා සංස්කෘතික විවිධත්වය රැකගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා සෑම වසරකම පෙබරවාරි 21 වනදා මෙම දිනය සමරනු ලබනවා.
1999 දී යුනිස්කෝ සමුළුවකදී ජාත්‍යන්තර මව් භාෂා දිනය අනුමත කර තිබෙනවා.
2000 වසරෙන් පසු එය ගෝලීය වශයෙන් සැමරීම සිදුවනවා.
මෙම දිනය සැමරීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ බංග්ලාදේශය විසින්.
මේ අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලාංකේය අනන්‍යතාව ගොඩනැගීම සඳහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි විපක්‍ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
යම් ප්‍රජාවක මව් භාෂාව එම ප්‍රජාවේ අනන්‍යතාව තහවුරු කරන ප්‍රධානතම සාධකයක්.
භාෂාව සන්නිවේදන මෙවලමක් පමණක් නොව, ජන සමාජයක සංස්කෘතිය, සාරධර්ම හා ඉතිහාසය ඉදිරියට ගෙන යන මූලික වාහකයෙකු ලෙස හඳුනාගත හැකි බව ද විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.




