Published
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බවට වාර්තා වනවා.
ඒ, බත්තරමුල්ලේ, සුහුරුපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ හදිසියේ විදුලි සැපයුම ඇණහිටීමත් සමගයි.
විදුලි සැපයුම ඇණහිටීමත් සමග හැදුන්ම්පත් නිකුත් කෙරෙන පද්ධතියද අක්‍රීය වී තිබෙනවා.
කෙසේවෙතත් යළි විදුලි සැපයුම යථාතත්ත්වයට පත් වුවද මෙතෙක් එම පද්ධතිය සක්‍රීය වී නොමැති බවයි වාර්තා වුණේ.
එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.




