අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, ඔහු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදාහැරීමට නියෝග කළා.
ඒ අනුව ඩග්ලස් දේවානන්දා මහතා ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කළේ. එම ශරීර ඇප ළඟම ඥාතීන් විය යුතු බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, විත්තිකරුවන් තිදෙනාටම විදෙස් ගමන් තහනමක්ද පැනවූවා.
එමෙන්ම නඩුව ලබන මාර්තු මස 27 වන දින නැවත කැඳවීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “මාකඳුරේ මදුෂ්ගෙන්” සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදු කරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.




