කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීමේ උත්සවය මාර්තු 12 වන දින ආර්. අයි. ටී. අලස් ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණා.

ලබන වසරේ විද්‍යාලයේ අභිමානවත් 60 වන සංවත්සරයට සමගාමීවත් Donz ‘ රග්බි හි 50 වන සංවත්සරයට සමගාමීවත් ඉදිරි රග්බි වාරය සඳහා කණ්ඩායම් සූදානමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විද්‍යාලයීය රග්බි කමිටුව විසින් සංවිධාන කරන ලද මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලයීය Road to 60 ව්‍යාපෘතියේ සභාපති ආදි ශිෂ්‍ය රජිව් පෙරේරා මහතා සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ක්‍රිෂාන්ත ගුණතිලක මහතා සහභාගී වුණා.
කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා ද උත්සවයට සහභාගී වූයේ ඉදිරි වාරය සඳහා කණ්ඩායමට සිය සුභාශිංෂනය ද එක් කරමින්.

මෙවර රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අසේල දේශප්‍රිය මහතාගේ මඟ පෙන්වීම යටතේ කණ්ඩායම පුහුණු කිරීම් සිදු කරනු ලබනවා.

කණ්ඩායමේ නායකත්වය නායක තතිර පෙරේරා විසින් දරනු ලබන අතර, ප්‍රවීන් උප නායකයා ලෙස කටයුතු කරනවා.

මෙම තරඟ වාරයේ පළමු තරඟය මරදාන සහිරා විද්‍යාලයට එරෙහිව ජනාධිපති කුසලාන රග්බි තරඟාවලියේ පූර්ව අර්ධ අවසන් පූර්ව තරඟය අද (14) වන දින රාත්‍රී 7.00 සිට CR & FC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.