ඩුබායිහි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සඳහා අවශ්‍යව සිටි කාන්තාවක්, විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන අද මෙරටට රැගෙන ආවා.
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේයි.
මෙම පිරිස අතර 52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ නොහොත් “පුංචා” නැමති ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අනෙක් පුද්ගලයා කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් “චූටි මල්ලී” නැමැත්තා කඳාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.
මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා චෝදනා ලැබූවන් වනවා.
මීට අමතරව මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි හේවා කසකාරගේ රුජා නිශාමනී ද සිල්වා අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.
ඔවුන් තිදෙනා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලය වෙත දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන යාමට පියවර ගෙන තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.





