Published
තෙදින ඩෙංගු මදුරු වැඩසටහනේ පළමු දිනය තුළ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන විශාල වශයෙන් හදුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව නිවෙස්, පාසල්, රාජ්‍ය ආයතන ඇතුළු හදුනාගත් එම පරිශ්‍රවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ.
තෙදින ඩෙංගු මදුරු වැඩසටහන දෙවන දිනටත් අද ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 ක් තුළ පරිශ්‍ර 70,000 කට අධික සංඛ්‍යාවක් ඊයේ දිනයේ පරීක්ෂා කළ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
මේ අතර දින දෙකකට වඩා උණ රෝගයෙන් පෙළන රෝගීන් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.




