Published
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,947ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම මාසයේ මේ දක්වා කාලය තුළ රෝගීන් 1,598ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 21.24 ක්.
කොළඹ දිස්ත්‍රික්කය දෙවන තැනට පත්ව තිබෙනවා.
අද වනවිට ඩෙංගු මරණ 62ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පැවසුවා.




