තම කුසින් උපන් බාල වයස්කාර දියණිය සහ පුතා මොරටුව අගුලානේ සිට රැගෙන විත් අධික වැසි හේතුවෙන් පිටාර ගලමින් තිබූ අනුරාධපුර මල්වතු ඔයට අළුයම් කාලයේ තල්ලු කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින සැකකාර මව මේ මස 12 දින දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කර තිබෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියේග කළේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය් නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානධිපති උප පොලිස් පරික්ෂක කරුණානන්ද වන්නිනයක මහතා මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට සිදු කර ඇති විමර්ශන වල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කල දැනුම් දීමක් සැළකිල්ලට ගනිමිනි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ දරුවන් දෙදෙනාගේ මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත සිරුරු දරුවුන්ගේ සීයාට සහ මිත්තනියට මීට පෙර බාර දෙනු ලැබු පසුව මොරටුව අගුලානේ සිටි පැමිණි දරුවන් දෙදෙනාගේ සීයා සහ මිත්තිනිය අනුරාධපුරයේ පෞද්ගලික මල් ශාලාවක් මගින දරුවන්ගේ මල සිරුරු අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියට රැගෙන ගොස් මිහිදන් කල අතර තම සිගිති දරුවන් දෙදෙනා අලුයම් කාලයේ මල්වතු ඔයට තල්ලු කර මරණයට පත්වීමට ඉඩ සළස්වා තමාද මල්වතු ඔයට පැන සිය දිවි නසා ගැනිමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින්නේ මොරටුව අඟුලාන ප්‍රදේශයේ පදිංචි සේනානි ත්‍රිමාවිතාන නැමැති දෙදරු මවකි.

මෙම සහසික අපරාධය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කරුණානන්ද වන්නිනායක මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී පැවසුවේ අධික වැසි හේතුවෙන් පිරී ඉතිරි පිටාර ගලමින් තිබු මල්වතු ඔයට සැකකාර මව සිය පිරිමි දරුවා සහ දියණිය ඉකුත් 02 වන දින අලුයම් කාලයේ තල්ලු කර දරුවන් දියෙහි ගිලී මරණයට පත්වීමට ඉඩ සළස්වා පසුව ඇයද මල්වතු ඔයට පැන සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බවයි.

මල්වතු ඔයේ ජලය මත සැඟව ගිය දරුවන් දෙදෙනාගේ මළ සිරුරු දින කිහිපයට පසුව මල්වතු ඔයේ ස්ථාන දෙකකදී සොයා ගත් බවද උප පොලිස් පරීක්ෂකවරයා වන්නිනායක මහතා පවසා තිබෙනවා.

සිය මව විසින් මල්වතු ඔයට තල්ලු කර මෙලෙස මරා දමා ඇත්තේ තිසුක මීරියගොල්ල සහ සිතුල්යා මීරියගොල්ල යන පුතා සහ දියණියයි සැකකාර මව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය මගින් කියැවෙන මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේය.