තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.

2008 වසරේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වූ නඩුවේ තුන්වන සැකකරු ලෙසයි හිටපු නාවික හමුදාපතිවරයා නම් කර ඇත්තේ. ඒ,  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නම්කිරීම සිදු වූ අතර මීළඟ නඩු දිනය වන ජුලි 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද සැකකරුට සිතාසි නිකුත් කර තිබෙනවා.