තරුණයෙකුගේ ගෙල සිරකර දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්‍ය බලකාය සිදුකල වැටලීමකදියි.

සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23, මිලි ග්‍රෑම් 750 ක් හා ජංගම දුරකථන 03 ක් ද සොයා ගැනුනා.

සැකකරුවන් පමුණුගම, පෑලියගොඩ, හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි කරුවන්.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි රිමෝෂන් සහ කොටහේනේ අරවින් යන අයගේ මෙහෙය වීම මත ඉකුත් 22දා පුද්ගල ඝාතනයක් සිදුකර තිබුනා.

මට්ටක්කුලිය, දෙල්ගහවත්ත හන්දිය අසල කැලණි ගං ඉවුර අසලදී ශ්‍රී කන්දන් නාන්තික් කුමාර් තරුණයාගේ ගෙල සිරකර දියේ ගිල්වා ඝාතනය කල බවටයි ඔවුන්ට චෝදනා එල්ලවන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු අවුරුදු 23 හා 36 යන වයස්වල පසුවන්නන් වනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.