කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම තරුණයන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ඉදිරියෙන් ධාවනය වූ බැකෝ යන්ත්‍රයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.

එහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙක්.

අනතුර සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර ඇළ මාර්ගයක දිය නාමින් සිටි ළමයෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව කන්තලේ පොලීසිය පවසනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පේරාතුවේලි ප්‍රදේශයේ පදිංචිව සිටි ළමයෙක්.

ඔහු තවත් මිතුරන් තිදෙනෙකු සමඟ එම ඇළේ දියනාමින් සිටියදී දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.