Published
පිළියන්දල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රත්මලාන ප්‍රදේශයේදීයි.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්‍ෂ 14 ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් කොල්ලකා ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
ඔවුන් විසින් කොල්ලකන ලද ත්‍රීරෝද රථයද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.




