Published
ඉදිරියේ දී නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සම්බන්ධව අවදානය යොමුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
පෞද්ගලික සමාගම් දිගින් දිගටම ඉන්ධන නිකුත් කිරීම සීමා කලහොත් ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල් පවතින ප්‍රදේශවල ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා මෙම නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමට එලෙස අවදානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඇතැම් කණ්ඩායම් ගෙන යන ප්‍රචාරවලට බිය වී අනවශ්‍ය ලෙස ඉන්ධන මිලදී ගැනීම්වලට නොයන ලෙස ද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.




