දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.

මෙම යාත්‍රාව අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.

අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් හයදෙනා ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

එම යාත්‍රවේ තිබී සොයාගෙන ඇති සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 376කට අධික බවටයි දැන් අනාවරණ වී ඇත්තේ.

එහි හෙරොයින් කිලෝ ග්‍රෑම් 115කට අධික ප්‍රමාණයක් තිබූ බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 261කට අධික ප්‍රමාණයක් එහි තිබී ඇති බවට මේ වන විට ගණනය කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවා.

මෙම සියලු මත්ද්‍රව්‍ය මලු 18ක සහ පැකට් 300ක අසුරා තිබුණා.