මිරිස්සට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය සමග ඊයේ දිනයේදී නාවික හමුදා භාරයට ගැණුනු බහුදින ධීවර යාත්‍රාව අද උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබුවා.
එම යාත්‍රාවේ තිබී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසුවේ.
දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාව නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ තවත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.
මෙම වසරේ ගත වූ කාලසීමාවේ පමණක් රුපියල් බිලියන 20ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බවද ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.




