Published
දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකික නඩයක් ගමන් ගත් බස් රථයක් අග්‍රා ප්‍රදේශයේදී ගිනිගෙන තිබෙනවා.
කෙසේවෙතත් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පැවසුවේ.
එහි මහලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ බස් රථයේ වායු සමීකරණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.
එම අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 45 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.
ඔවුන් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
බස් රථයේ ගින්න හටගැනීමත් සමග එහි සිටි පිරිස ඔවුන්ගේ බඩුබාහිරාදියද රැගෙන ඉන් ඉවත් වී තිබෙනවා.
සැලසුම් කළ පරිදි දඹදිව වන්දනාව අවසන් කළ එම පිරිස අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බවයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමයේ මහලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා වැඩිදුරටත් පැවසුවේ.



