පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, කොළඹ දිසා අධිකරණය විසින්.

දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වශයෙන් කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කෙරුණු ඉල්ලීමට අධිකරණය අවසර ලබා නොදුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.