මෙරට පරිභෝජනයට අවශ්‍ය සහල් තොග රට තුළ ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කළද යම් ප්‍රමාණයක් හෝ ආනයනය කිරීමට සිදුවන බව කෘෂි විද්වතුන් පවසනවා.

එහෙත් මෙරට පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය දැනටමත් රට තුළ ඇති බැවින් ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බවටයි කෘෂිකර්ම නියෝජ්‍ය නාමල් කරුණාරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් සහල් යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට රජයට සිදු වන බව රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පෙන්වා දෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා.