‘දිට්වා’ සුළි කුණාටුව මෙරටට පැමිණ මාසයකට අධික කාලයක් මේ වනවිට ගෙවී අවසන්.

එහි බලපෑම හේතුවෙන් විපතට පත් වූ විශාල ජනතාවක් තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිනවා.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ සියලුම පවුල් වෙත පිරිනමන රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදී ලබාදීමට කටයුතු කරන බවයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නිවාස සම්පූර්ණයෙන්ම අහිමි වූ පුද්ගලයින් සඳහා වසරක් ගත වීමට ප්‍රථම නිවසක් සාදා ගැනීමට උපකාර කිරීම රජයේ අරමුණ වන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී කියා සිටියා.

කෙසේවෙතත්, ගංවතුරට හසුවූ ප්‍රදේශ රැසක ජනතාව සහ ගොවීන් පැවසුවේ තමන්ට සිදුවූ හානි වෙනුවෙන් මෙතෙක් වන්දි මුදල් නිසි ලෙස ලැබී නොමැති බවයි.