පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත් අපේම ජනතාවට සවියක් වීම සඳහා “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක වනවා.
පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වියළි ආහාර, වතුර බෝතල් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය දිරිය නෙත් සමාජ සත්කාරය සඳහා ඔබටත් පරිත්‍යාග කළ හැකියි.
එම ආධාර කොල්ලුපිටිය පස්වන පටුමඟේ පිහිටි නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාලය, බම්බලපිටිය දුම්රියපොළ පාර ඕෂන් වීව් ගොඩනැගිල්ල, බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ පිහිටුවා ඇති මධ්‍යස්ථාන වෙත භාරදිය හැකියි. ඊට අමතරව ගම්පහ ඉහළයාගොඩ දකුණ 235 සී චාමික උත්සව භාණ්ඩ ආයතනය වෙත භාරදීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ සඳහා ඉහළයාගොඩ සුහද මිතුරු හමුව දිරිය නෙත් සමාජ සත්කාරය සමග එක්ව සිටිනවා.
නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.




