අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සදහා ඉඩම් පරිත්‍යාග ලබා ගැනීම සදහා වූ විශේෂ සාකච්ඡාවක් දිරිය නෙත් අපගේ මෙහෙයවීමෙන් ඊයේ (31) දින සොරගුණේ දික්ගේ දේව මණ්ඩපයේ දී පවත්වන්නට යෙදුනි.

මේ අවස්ථාව සදුහා
රන්වන්ගුහාව මහා විහාරාධිපති හිමිපාණන්,
සොරගුණේ රාජමාහා විහාරාධිපති හිමිපාණන්,
සීලතැන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති නායක හිමිපාණන් ඇතුළු ස්වාමීන් වහන්සේලා
සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තුමන්
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර
හල්දුම්මුල්ල ප්‍රදේශීය සභාවේ සභාපතිතුමන්
ප්‍රදේශීය ලේකම් කාර්යාලයීය⁣ බෞද්ධ කටයුතු සමායෝජකතුමන්
නෙත් රේඩියෝවේ දිරිය නෙත් වෙනුවෙන් උපුල් සිංහ පතිරණ
ප්‍රදේශයේ මන්ත්‍රී තුමන්ලා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සදහා සහභාගී වූහ.

මේ සාකච්ඡාව අවසන් වන ව්ට ⁣මේ වැඩසටහන සදහා ඉඩම් අක්කර 150 ක් ලබා දීමට සැලසුම් සකස් කෙරිණි
ඉදිරියේ දී දිරියනෙත් මගින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලා පොරොත්තු වන අතර, අප්‍රේල් නව වසරට පෙර එහි පළමු අධියර සැමගේම සහායෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කෙරේ.