ඕමානයේදි අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බව කියන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි නමැත්තා අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රදවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.
අද අලුයම 4යි 20ට පමණ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මිදිගම චූටි නමැත්තා ඕමානයේ සිට කටුනායක ගුවන් තොටුපොල වෙත රැගෙන එනු ලැබුවා.
මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ඔහු මෙරට අධිකරණ කිහිපයකදීම චෝදනාවට ලක්ව තිබෙනවා.
මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේද නිකුත් කර තිබුණා.
ඒ අනුව ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබූ බවයි පොලීසිය පැවසුවේ.



