ත්‍රිකුණාමලය චීන වරාය ආසන්නයේ කොට්ටෙයි ප්‍රදේශයේදි දුම්රියක ගැටී ධීවරයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ධීවරයන් තිදෙනෙකු ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඊයේ රාත්‍රි ගැටී ඇති බවයි.

ඔවුන් තිදෙනා දුම්රිය මාර්ගයේ රැදී සිට මත්පැන් පානය කරමින් සිටියදි මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

එහිදී එක් ධීවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනෙක් දෙදෙනා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ අතර සිටි එක් ධිවරයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවද පොලීසිය පැවසුවා.

අනෙක් ධීවරයා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අදාළ ධීවරයන් තිදෙනා දකුණු පළාතේ පදිංචි තිදෙනෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.