Published
කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනුරාධපුරය දක්වා දුම්රියෙන් ගමන් කිරීමට කළුතර දකුණ දුම්රිය ස්ථානයේ දකුණු පසින් පදික වේදිකාවට පැමිණීම සඳහා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාන්තාවන් තිදෙනෙකු දුම්රියේ ගැටී ඇති බවයි නෙත් නිව්ස් නියෝජිතයා පැවසුවේ.
ඒ, අද අලුයම 4.30ට පමණයි.
එකම පවුලේ මව සහ දියණිය සහ තවත් ඥාති දියණියක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
මරදාන දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ සේවා දුම්රියක මෙලෙස ඔවුන් ගැටී ඇති බවයි නෙත් නිව්ස් නියෝජිතයා පැවසුවේ.
එහිදී මව සහ ඥාති දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොවුන් තිදෙනා මතුගම ප්රදේශයේ පදිංචිකාරිණියන් බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය මගින් විමර්ශන ක්රියාත්මකයි.



