පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක්අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙස කටයුතු කළ කාලයේ සිදුව ඇති
චෝදනාවකට අදාළව ඇය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

ඒ, නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සදහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු කිරීමේ චෝදනාව යටතේයි.