ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ඉන්දියාවේ දෙව්නි මෝරි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් සොයාගත් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව සදහා අද දෙවන දිනටත් පැවැත්වෙනවා.

ඒ, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි.

පෙබරවාරි 11 වනදා උදෑසන 07 දක්වා මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව පැවැත්වෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ.