දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් 500කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි.
බුද්ධි නිලධාරීන් සියයකට වැඩි පිරිසක්ද මෙහෙයුම් සදහා යොදවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ.
දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 769 වන වරටයි.
එහි පේළි පෙරහැර අද ආරම්භ වනවා. රන්දෝලි පෙරහර පැවැත්වෙන්නේ ලබන 29 වනදායි.
ඉන් අනතුරුව අගෝස්තු 4 වනදා කෝල්මුර යාගය පැවැත්වෙන අතර, අගෝස්තු 5 වැනිදා මහා දේව දානය සමඟ මෙවර ඇසළ මංගල්‍යයේ කටයුතු අවසන් කෙරෙනු ඇති.
දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙම ඇසළ පෙරහර මංගල්‍යය සදහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි.




