Published
දෙවිනුවර ප්රදේශයේ නිවසකට පසුගියදා එල්ල කළ වෙඩි ප්රහාරයට සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ, දික්වැල්ල, අලුත්පාර ප්රදේශයේදීයි.
ඒ සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය මගින් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.
අදාළ වෙඩි ප්රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වුණේ නැහැ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




