Published
20 හැවිරිදි තරුණයෙකුට මරු කැඳවූ නවගමුව, කොරතොට, මැණිකාගාර ප්‍රදේශයේ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මූලික පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්ව දෙකක් අතර ඇත වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි.
ඊයේ රාත්‍රී 09.30ත් 10.00ත් අතර කාලයේදී නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේ කුලී නිවසක සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණි.
ඒ අවස්ථාවේ නිවසේ තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව අනෙක් දෙදෙනා තුවාල ලැබුවා.


