කළුතර, නාගොඩ වෙඩිතැබීම් සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ සිට බස් රථයකින් මඩකලපුව දක්වා පලායමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල්අඩි හන්දිය ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා අදාල බස් රථය නවතා සිදුකළ පරීක්ෂාවකදීයි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සිම්පත් 06ක් ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
සැකකරු පසුගිය සිකුරාදා තවත් පුද්ගලයෙකු සමග යතුරු පැදියකින් පැමිණ නාගොඩ හන්දිය ප්‍රදේශයේ අවන්හලක සිටි එහි හිමිකරුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා පලාගොස් තිබුණා.
එහිදි අදාළ අවන්හල් හිමියා එම ස්ථානයේදීම මියගිය අතර බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිද නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.





