නානුඔය පොලිස් වසමට අයත් ග්ලාසෝ වතුයායට ඉහළින් පිහිටි රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබෙනවා.

කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තැබීම හේතුවෙන්, ගින්න හට ගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් එම ගින්න සීඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවයි.

මේ අතර වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල සිදු කෙරෙන ගිනි තැබීම් හේතුවෙන් සෑම වසරකදීම මෙරට පරිසර පද්ධති වලට දැඩි හානි සිදුවනවා.

පවතින වියලි කාලගුණය හේතුවෙන් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල ගිනි තැබීම් සිදු කිරීමෙන් වලකින ලෙසයි පරිසරවේදීන් මෙන්ම වගකිවයුතු ආයතන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.