Published
සිය සාමාජිකයන් හෙට (10) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව දුම්රිය නියාමක සංගමය පවසනවා.
මේ හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වනු ඇති බවයි දුම්රිය නියාමක සංගමයේ ලේකම් රුක්මල් බංඩාර මහතා පැවසුවේ.
අද රාත්‍රි දුම්රිය ගමනාන්ත වෙත ගෙන යන බවත් හෙට (10) ආරම්භ කරන දුම්රිය සියල්ලෙහි සේවා සදහා සිය සාමාජිකයන් වාර්තා නොකරන බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව නීත්‍යානුකූල නොවන ක්‍රමවේද වලට දුම්රිය ධාවනය කිරීමට සහාය නොදෙන ලෙස දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.



