නිල්වලා ගගේ ඇතැම් පහත් බිම්වල තවදුරටත් ජලය යටව පවතිනවා.
කෙසේවෙතත් කැළණි ගගේ ජල මට්ටම විශාල ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය නොවනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්යක්ෂ එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ.
"කැලණි ගඟ මේ වන විට ජල මට්ටම් බොහෝ දුරට ඉහළ ප්රදේශවල විශේෂයෙන්ම දැරණියගල, කිතුල්ගල සහ නෝර්වුඩ් ඉහළ ප්රදේශවල ජල මට්ටම් ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා. හංවැල්ල ජල මට්ටම තවදුරටත් විශාල වැඩිවීමක් සිදුවෙන්නේ නැහැ. සහ එය ගඟ ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක ඉක්මවා යාමක් අපේක්ෂා කරන්නේ නැහැ. එය ආසන්න හෝ විට අඩු මට්ටමක දක්වා පමණක් වැඩිවේවි කියන විශ්වාසය තමයි අපට තියෙන්නේ. ඒ අනුව තවදුරටත් පවතින වර්ෂාපතනය ලැබීමත් සමඟ වෙනස්වීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් මේ දැනට මේ දක්වා ලැබුණු වර්ෂාපතනයන් සහ පුරෝකථනයන් අනුව තියෙන වර්ෂාපතනයන් අනුව විශාල ගංවතුර තත්ත්වයක් දක්වා කැලණි ගඟ වර්ධනය වීම අපේක්ෂා කරන්නේ නැහැ."
"විශේෂයෙන්ම නිල්වලා ගඟ මේ වන විට අකුරැස්ස ප්රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක පවතිනවා සහ ඉන් පහළ ප්රදේශ සාමාන්ය වැඩිවීමක් දකින්නට තියෙනවා. මේ තත්ත්වය යටතේ තවදුරටත් විශාල වැඩිවීමක් නොවුණත් මාතරට ආසන්න, කන්තුඅ සහ මාලිම්බඩ ඒ වගේම ඒ ආශ්රිත ප්රදේශවල පහත්බිම්වල තවදුරටත් ජල මට්ටම් වැඩිවීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් ඒ සුළු ගංවතුර තත්ත්වයකට වඩා වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වගේම ගිං ගඟ ඉහළ ප්රදේශවල මේ වන විට ජල මට්ටම් ක්රමයෙන් අඩුවෙමින් පැවතියත් තවලම සහ හිනිදුම ආසන්නයේ ඉන් පහළ ප්රදේශවල තව සාමාන්ය වැඩිවීමක් අපේක්ෂා කරනවා. කෙසේ නමුත් එය විශාල ගංවතුර තත්ත්වයක් දක්වා වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ. සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කළු ගඟ රත්නපුර සහ මිල්ලකන්ද කුඩා ගඟ ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක් මේ වන විටත් පවතිනවා සහ රත්නපුර ජල මට්ටම් ක්රමයෙන් අඩුවෙමින් පැවතුණත් පහළ ප්රදේශ විශේෂයෙන්ම මිල්ලකන්ද, ඇල්ලගාව, බුලත්සිංහල වැනි ප්රදේශවල තවදුරටත් ජල මට්ටම් වැඩිවීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් ඒ සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න හෝ ඒ මට්ටමට වඩා විශාල වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ."
"අත්තනගලු ඔයේ දූනමලේ ජල මට්ටම තාම සුළු ගංවතුර මට්ටමක පවතිනවා සහ පහළ ප්රදේශ තවදුරටත් වැඩිවීමේ හැකියාව තියෙනවා. නමුත් විශාල වැඩිවීමක් නොවුණත් විශේෂයෙන්ම ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගලු ඔයේ පහළ ප්රදේශ තවදුරටත් ගංවතුර තත්ත්වයේ පහත්බිම්වල වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මහා ඔය බඩල්ගම සහ ගිරිඋල්ල ආශ්රිතව බඩල්ගම තවදුරටත් ජල මට්ටම සාමාන්ය වැඩිවීමක් අපේක්ෂා කරනවා. නමුත් එය විශාල වැඩිවීමක් දක්වා වැඩිවීම අපේක්ෂා කරන්නේ නැහැ. සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න හෝ ඊට කිට්ටු එකකට වැඩිවීමේ හැකියාව තියෙන්නේ. මේ අනෙකුත් ගංගා ධ්රෝණිවල විශේෂයෙන්ම දැදුරු ඔය ජල මට්ටම ඊයේ දිනයේත් වාන් දොරටු තත්පරයට ඝන අඩි 15,000කට ආසන්න ප්රමාණයක් නිදහස් කරමින් තියෙනවා ඊයේ රාත්රී වන විටත්. කෙසේ නමුත් ඒ තත්ත්වය මත මුරුගස්වැල ඇතුළු පහළ ප්රදේශවල ජල මට්ටම් විශාල වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ මේ පවතින තත්ත්වයන් අනුව. සාමාන්ය අවදානම් මට්ටමක දැදුරු ඔය පවතිනවා. නමුත් තව විශාල වැඩිවීමක් මේ අනුව අපි අපේක්ෂා කරන්නේ නැහැ."
"දැදුරු ඔය, රාජාංගනය, ඒ වගේම ඉඟිනිමිටිය, තබ්බෝව සහ ඒ ආසන්න ජලාශවල ජලය තවදුරටත් නිදහස් කරමින් පවතිනවා. මේ අනුව විශේෂයෙන්ම රාජාංගනයෙන් තත්පරයට ඝන අඩි 18,000කට ආසන්න ප්රමාණයක් පහළට නිදහස් කිරීමක් මේ දක්වාත් වෙනවා. ඒ වගේම අනෙකුත් ඉඟිනිමිටිය සහ තබ්බෝව තවදුරටත් ජලය නිදහස් කිරීම සිද්ධ කරනවා."




