නිවාස බිඳ සොරා ගත් රන් භාණ්ඩ උගස්කර ලබාගත් රුපියල් ලක්ෂ 16 ක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන දින හතක කාලයකට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම රන් භාණ්ඩ උගස් තැබූ රිසිට්පත් 05, හොරයින් මත්කුඩු
මිලිගෑම් 6130 ක් හා රුපියල් ලක්ෂ 16 ක මුදලක් තැම්පත් කර තිබු බැංකු ගිණුම් පොතක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මත්කුඩුවලට ඇබ්බැයි වූ පුද්ගලයෙකු මහාපරිමාණයෙන් මත්කුඩු මිලදී ගන්නා බවත් ඔහු සතුව තිබෙන බැංකු ගිනුමක විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බවටත් කොළඹ අපරාධ කොට්ඨාස වෙත තොරතුරු ලැබී තිබුනා.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාට ලද රහසිගත තොරතුරකට සැකකාර පුද්ගලයා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනුනා.
සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හංවැල්ල, ග්‍රෑන්ඩ්පාස් හා කඩුවෙල ප්‍රදේශවල පෞද්ගලික උගස් මධ්‍යස්ථානවලට උගස් තබන ලද පවුම් හතකට අධික බරකින් යුත් රන් බාන්ඩ වලට අයත් රිසිට් පහක් සොයාගනුනා.
අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේදී අනාවරණ වුනේ මොහු කොස්ගම ප්‍රදේශයේ ගෙවල් බිඳුම් හතක් සිදු කර රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයා බවට අනාවරණය වූ බවයි.
එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් භාණ්ඩ උගස්කර රුපියල් ලක්ෂ 18 කට අධික මුදලක් ලබා ගත්බවත් එයින් ලක්ෂ 16 ක මුදලක් සිය බැංකු ගිණුමේ තැන්පත් කර ඉතිරි මුදල් මත්කුඩු පානය සඳහා වැය කළ බවත් අනාවරණය කර තිබෙනවා.
මෙම සැකකරු මේ ආකාරයෙන් දිවයිනේ අනෙකුත් පොලිස් ගෙවල් බිඳුම් බිඳූම් සිදුකර දේපළ සොරා ගෙන යන ඇද්ද යන්න සොයා වැඩිදුරටත් විමර්ශන සිදුකෙරෙනවා.




