රට තුළට නීති විරෝධී ලෙස රත්‍රන් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් 41 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව කොළඹ 12 හි පදිංචි සැකකාරියක් වන බවයි රේගු නිලධාරීන් සඳහන් කර සිටියේ.

සැකකරු චෙන්නායි සිට මෙරටට පැමිණ ඇති අතර, රේගු නිලධාරීන් සිදු කළ පරීක්ෂාවකදී රත්‍රන් බවට සැක කෙරෙන ග්‍රෑම් 1,002.2 ක් බරැති ද්‍රව්‍යයක් අඩංගු කරල් දෙකක් සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනයකින් පසු, ඇය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මෙම කාන්තාව මීට දින කිහිපයකට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සර්පයන් සමඟ හසු වූ පුද්ගලයාම වන බාවයි පොලිසිය සඳහන් කර සිටියේ