තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

ඒ, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලක් තුළදීයි.

පුද්ගලයින් දෙදෙනා මෝටර් රථය තුළම මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුයි මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා බව පොලීසිය මීට නොබෝ වේලවකට පෙර තහවුරු කලා.

ඝාතනයට ලක්වූ කාන්තාව ඔහුගේ බිරිද බවද පොලීසිය පැවසුවා.

ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

අද සවස 05ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් මෝටර් රථයකින් පලාගොස් ඇති බවටයි පැවසෙන්නේ.

වෙඩිතැබීමට හේතුව අනාවරණය කර ගැනීම සදහාතලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.