නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

ඔහු කියාසිටියේ නීතිපතිවරයා ඉවත් කිරීම සදහා දෝෂාභියෝගයක් ගෙනඒම සම්බන්ධයෙන්ද කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

අමාත්‍ය, හර්ෂණ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළේ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.