Published
මාළඹේ, තලාහේන ප්රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාළබේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
එහිදී සැකකරු සන්තකයේ තිබී නීති විරෝධි මත්පැන් බෝතල් 115ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාහේන ප්රදේශයේම පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මාළඹේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




