නුවරඑලිය නගරයේ පික් මී (Pick me) කාර්යාලයක් විවෘත කිරිමට එරෙහිව නුවරඑලිය නගරයේ ධාවනය කරවන ත්‍රීරෝද රථ සහ වෑන් රථ සංගම්වල සාමාජිකයන් එක්ව අද(09) උද්ඝෝෂණයක නිරත වි තිබෙනවා.

නුවරඑලිය තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයේ නිරතව සිටි එම සංගම්වල සාමාජිකයන් කියා සිටියේ පිටතින් පැමිණෙන පික් මී ආයතනයට සම්බන්ධ වාහන රියදුරන් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයේ නිරත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් තම ජීවන උපායට ද ගැටළු රැසක් මතු කරමින් සංචාරකයන් ප්‍රවාහනය කිරිමේ කටයුතුවල නිරතව සිටින බවයි.

පික් මී (Pick me) වාහන රියදුරන් ඉතා අඩු මුදලකට සංචාරකයන් ප්‍රවාහනය කලද තමන්ට එම මුදලට සංචාරකයන් ප්‍රවාහනය කිරිමට නොහැකි වීම හමුවේ තමන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

කදු බෑවුම් සහිත ප්‍රදේශවල ත්‍රීරෝද රථ සහ වෑන් රථවලින් සංචාරකයන් ප්‍රවාහනය කිරිමෙදි වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වන බවත් පිට පළාත් වලින් නුවරඑලියට තවත් කුලී රථ ගමනක් පැමිණ සැගව සිට පික් මී ඇනවුමක් යැයි පවසමින් නුවරඑලියට පැමිණෙන සංචාරකයින් ඔවුන් ප්‍රවාහනය කරන බවයි වැඩි දුරටත් කියා සිටියේ.

නුවරඑලියට පික් මී(Pick me) කුලි වාහන සේවාවක් අවශ්‍ය නොවන බව පැවසූ උද්ගෝෂණයෙ නිරත පිරිස නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය තේ මණ්ඩල කාර්යාලය අසළ අද(09) දින විවෘත කෙරුණු පික් මී කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා නාම පුවරු එහි ගේට්ටුවේ අලවා උද්ගෝෂකයන් විසිර ගිය බවයි වාර්තා වන්නේ.