සෙනසුරාදා සහ ඉරිදා දිනවල උදෑසන 09.00 සිට සවස 06.00 දක්වා සජීවීව ප්‍රචාරය කෙරෙන “නෙත් එෆ් එම් හෙලෝ - හෙලෝ සති අන්තය” වැඩසටහනෙන් ඔබ කැමතිම ගීත ඉල්ලීමට මේ වන විටත් අවස්ථාව සලසා දී තිබෙනවා.
ඉදිරියේදී එම වැඩසටහන හරහා වටිනා ත්‍යාග දිනාගැනීමටත් ඔබට හැකි වනවා.
එමෙන්ම තමන්ගේ ගී නිර්මාණ, හඬ පෞරෂවයන් සමගින් ආකර්ශනීය වැඩසටහන්වලට සහභාගීවීමේ හැකියාවත් ශ්‍රී ලාංකීය ගුවන්විදුලි ශ්‍රාවකයන්ට අවස්ථාව සලසාදීමද විශේෂත්වයක්.
සතිඅන්තයේ සැහැල්ලු බව, නැදෑ හිත මිතුරන්ගේ යාලුකම් අලුත්වීම්, ගමන්බිමන් මෙන්ම නව තාරුණයේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිරි සති අන්තවලදී “නෙත් එෆ් එම් හෙලෝ - හෙලෝ සති අන්තය” ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරනු ලබනවා.
කවදත් අලුත් - කාගෙත් නෙත් සති අන්තයේ රේඩියෝ ශ්‍රාවකයන්ට නැවුම් අත්දැකීමක් එක් කරමින් ප්‍රචාරය වන “නෙත් එෆ් එම් හෙලෝ - හෙලෝ සති අන්තය” වැඩසටහනට විශාල ශ්‍රාවක ප්‍රතිචාර මේ වනවිටත් ලැබෙමින් පැවතීමද විශේෂත්වයක්.




