Published
නොරොච්චෝලේ තාප බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අද මධ්‍යම රාත්‍රියේ සිට අලුත්වැඩියා කටයුත්තක් සඳහා අක්‍රිය කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසුවේ එම අලුත්වැඩියා කටයුතු සඳහා දින 25ක කාලයක් ගතවන බවයි.
මේ හේතුවෙන් මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් එම කාල සීමාව තුළ ජාතික විදුලිබල පද්ධතියට අහිමි වනවා.
කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරයේ අනෙක් ජනන යන්ත්‍ර දෙක ක්‍රියාකාරීව පැවතීම හේතුවෙන් ජාතික විදුලි සැපයුමට බාධාවක් මතු නොවන බවද ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවා.