Published
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු පුහුණු තරගය පකිස්ථානය පරදා කඩුලු නවයකින් ජය ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.
මෙම තරඟය පැවැත්වුණේ එංගලන්තයේ ඩර්බිහිදියි.
පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන ක්රිඩිකාවන් නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා.
ශ්රී ලංකා ක්රිඩිකාවන් මෙම ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 18යි පන්දු 5ක් පමණක් වැය කරමින් එක් කඩුල්ලක් පමණක් දැවීයි.
චමරි අතපත්තු ලකුණු 94ක් ලබාගත්තා.
විශ්මී ගුණරත්න නොදැවී ලකුණු 63යි.




