පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය අද පැවැත්වෙනවා.
ඒ, ඕමාන කණ්ඩායමට එරෙහිවයි. තරගය පල්ලේකැලේ ක්රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගය ආරම්භ වන්නේ පෙරවරු 11ටයි.
පළමු තරගයේදී ආබාධයකට ලක් වූ වනිදු හසරංග තරගාවලියෙන් ඉවත් කෙරුණු අතර ඔහු වෙනුවට ශ්රී ලංකා සංචිතයට කැදවූයේ දුෂාන් හේමන්තයි. බොහෝදුරට ඔහු අද තරගයේදී ශ්රී ලංකා පිල නියෝජනය කරනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
එක් තරගයක් පැවැත්වෙන්නේ ඉතාලිය හා නේපාලය අතරයි. අනෙක් තරගය ඉන්දියාව හා නැමීබියාව අතර පැවැත්වෙනවා.
මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඊයේ රාත්රියේ පැවති එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් ජය වාර්තා කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා.




