සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ සිය වැඩවර්ජනය අද දිනයේද ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ සිය ගැටලුවට බලධාරීන් අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන්නේ කවදාද යන්න අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කෙරෙන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ.

කෙසේවෙතත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පළමුව සේවයට වාර්තා කළ යුතු බවයි.

ඕනෑම ගැටලුවක් සාකච්ඡා මට්ටමින් විසඳීමට රජය සූදානම් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.